Subscribe Us

https://www.youtube.com/channel/UCZcLjY-dFUXjgcevCEkCc0g

අපි හරි gym එකක් තොරගන්නෙ කොහොමද? (How to find right Gym)


 පටුන

1 හැදින්වීම
2 Gym එකක් තෝරාගැනීම
3 ඔයා වැඩුණු සිරුරකට කැමතිනම්
4 ඔයා සැහැල්ලු දැකුම් කළු සිරුරකට කැමති නම්
5 Gym යන්න කලින්

හැදින්වීම

මේ ලිපිය කියවන ඔයාලා හැමෝම දැන් ඔයාගේ ඇග ටිකක් ලස්සන කර ගන්න ,ශක්තිමත් කර ගන්න ඒ වගේම නිරෝගිමත් කර ගන්න හිතන අය කියලා මං හිතනවා. ඉතිං ඔයගොල්ලන්ට අපු පලවෙනි ප්‍රශ්නය අපි කොහේද අපේ work out එක කරන්නේ කියලනේ?
අපි හැමෝම දන්නවා මේ දවස් වල gym වැහිවහලා කියලා. ඉතිං අපි කොහොමද අපිට හරියටම ගැලපෙන gym එක තෝරාගන්නේ
ඉතිං දැඩිව ඇග හදන්න බලාපොරොත්තු වෙන කායවර්ධන ක්‍රීඩකයෙක් ටිකක් වෙනස් වටපිටාවක්, පැය ගානක් කාර්යාලයට වෙලා වැඩ කරලා ඇති වෙන මහන්සිය gym එකට අවම නැති වෙනවනම්. හිතට සතුටක් ඇති වෙනවනම් , උද්යෝගයක් ඇතිවෙනවානම් ඒ gym එක ඔයාට ගැලපෙනවා.
ඉතිං අපි කොහොමද එහෙම gym එකක් හොයාගන්නේ ? එකට උත්තරය තමයි මේ ලිපියෙන් මම කියන්න යන්නේ.

 Gym එකක් තොරගැනීම 

අප අවට තියෙන සැම gym එකක්ම එකිනෙකට වෙනස් සේවාවන් අපිට සපයනවා. උදාහරණයක් විදියට
1. සමහර gym ශරීර වර්ධනය මුලික කරගෙන පවත්වා ගෙන යනවා.
2. තවත් සමහර gym හෘදය ආශ්‍රිත ව්‍යයාම වලට මුලිකත්වය ලබාදීලා තියෙනවා.
ඉතිං අපි තීරණය කරන්න ඕනේ  මොන විදියේ gym එකකටද අපි යන්නේ කියලා. අපි මෙහෙම හිතමු. ඔයාට ඕනේ ටිකක් ලොකු ඇගක්  නම්  cut ගැන එච්චර හිතන්නේ නැත්නම් ඔයාට ගැලපෙන්නේ පලවෙනි නිදසුනේ තියන gym එක.
එහෙම නැතුව ඔය කැමති නිරෝගිමත් , ශක්තිමත් එච්චර ලොකු නැති වුනාට හොදට cut වුනූ ඇගක් නම් ඔයාට හරි යන්නේ දෙවෙනි gym එක.( mosculer ඇගක් හදන්න කැමති අයට )


ඉතිං එක ඔයාගේ අරමුණ මත රදා පවතිනවා.
ඉතිං ඊට පස්සේ බලන්න ඕනේ යන වියදම gym එකේ fee එක , තව ගමන් වියදම්  මේ දේවල් ඔයාට දරන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් දරන්න පුළුවන් ගානේ gym එකකට යන්න ඕනේ.
ඔය සල්ලි ගොඩක් තියෙන කෙනෙක් නම් ඔයාට පුලුවන් high brand machine දාපු high class gym එකකට යන්න. එත් ඒ machine වලින් වෙන දෙම වෙන ඉට වඩා අඩු මිලක් ඇති machine තියෙන අඩු fee එකක් තියෙන gym  එකක තියෙන්න පුළුවන්. ඉතිං එක ඔයාගේ ආර්ථික මට්ටම අනුව රද පවතිනවා.
උදා:-
එක gym එකක fee එක 2000 කියමුකෝ එකේ තියෙනවා සාමාන්‍ය අගක් හදන්න අනිවාර්යම උපකරණ ඔක්කොම
තවත් gym  එකක fee එක  8000 කියමුකෝ එකේ තියෙන්නේ ඉස්සෙල්ලා gym එකේ තියන ඒවම  ටිකක් high class විදියට
ඉතිං මේ  දෙකෙන් ම එකම දේ සිදු වුනත් ඔය හිතන්නේ මුදල් වලට වඩා පිළිගනිම නම් ඔය 2 වෙනි gym එක ඔයාට ගැලපෙනවා. එත් ඔයා බලන්නේ අරපිරිමැස්මෙන් අවශ්‍යතාවයට මුල්තැන දෙන්නනම් ඔයාට ගැලපෙන්නේ 2000 gym එක .
2000 gym එකට යන එක්කෙනාට පුළුවන් ඒ ඉතුරු වෙන 6000 තමන්ගේ පෝෂණ අතිරේකයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කරන්න.
ඉතිං එක ඔයාගේ තීරණය මත රද පවතිනවා.
ඉතිං මේ කරුණු ප්‍රයෝගිකව gym එකක් හොයද්දි වැදගත් වෙනවා.

  • ඔයා gym යන්න පටන් ගන්න හදන කෙනෙක් නම් gym එක දිහා බලලා හරියට මේ gym එක ගැලපෙනවද කියලා තීරණය කරන්න බැරිනම් ඔය අනිවාර්යයෙන්ම trail  membership එකක් අරගෙන gym එකකට මාසයක් විතර ගිහින් බලන්න මොන gym එකද ඔයාට හරියටම ගැලපෙන්නේ කියලා. ඔයා එහෙම කලොත් ටික  දවසකින් gym එක එපා වෙන එක නැති වෙනවා.
  • gym එකට ලියාපදිංචි වෙන කලින් ඉහත කරුණු පිළිපැද්දොත් මාසෙන් මාසෙට gym මාරු කරන්න වෙන එකක් නැති වේවි.


ඔයාට ඕනේ දැඩි මාංශ පේශි සහිත විශාල සිරුරක් නම්


ඔයාගේ අරමුණ විශාල සිරුරක් නිර්මාණය කිරීම නම් ඔය මුලින්ම සොයා බලන්න ඕනේ ගුණාත්මක ඒ වගේම ඔයාට ශරීරය වර්දනය අවශ්‍ය බර යොදා කරන ව්‍යායාම කිරිමට  අවශ්‍ය උපකරණ , අවශ්‍ය ප්‍රමාණයට බර තැටි , free weight උපකරණ තියෙනවද කියලා ( මෙහිදී විශේෂයෙන්ම හොයලා බලන්න ඕනේ free weight එ කියන්නේ dumbel burbel , free weight bench වගේ දේවල් තියෙනවද කියලා. මන් එහෙම කියන්නේ කොච්චර machine තිබ්බත් අපිට ඇග මහත් කරන්න free weight machine අනිවාර්යයි.cabel machine ඕනේ ඇග සමබරකරලා හදාගන්වන්න විතරයි.)

ශරීර වර්දනයට මුලිකත්වය දෙන කායවර්ධන මධ්‍යස්ථානය වල,

  • bench press machine ( පපු ප්‍රදේශය වර්දනයට) 
  • cabel යොදා කරන ව්‍යායාම උපකරණ
  • free weight machin

  • leg press 
  • calf ආදී උපකරණ තියෙනවා  
❋මේ පිළිබද වැඩි විස්තර ඉදිරි ලිපිවලින් සවිස්තරව බලාපොරොත්තු වෙන්න.
ඒ වගේම උපකරණ වල තත්වය වගේම ගුණාත්මක බව පිළිබද සැලකිලිමත් වෙන්න ඕනේ.
ඉතිං machin වල ස්භාවය එකියන්නේ

  • heavy loaded machine
  • light  loaded machine

මේ කරුණ ලංකාවට ගොඩක් දුරට අදාල  වෙන්නේ නෑ. එකියන්නේ machine එකට දරන්න පුළුවන් දාරිතාව.
අපි මෙහෙම හිතමු අපිට පුළුවන් leg press එකෙන් 1000 kg ගහන්න ඉතිං අපිට ඕනේ heavy loaded machin එකක්
එත් අපි ගහන්නේ 100 kg නම් අපිට light loaded machine එකක් හොදටම ඇති
ඉතිං ලංකාවේ විශාල බරක් ඔසවන කායවර්ධන ක්‍රීඩකයන් අඩුයි. ඉතිං අපි එක ගැන එච්චර හිතන්න ඕනෙ නැ .
තව අපි බලන්න ඕනේ machin වල grip එක
ඒකියන්නේ අපි machine එක අල්ලගන්න කොටස. grip එක තදින් ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්න ඕනේ ඒකියන්න ලිස්සන්නේ නැති වෙන්න ඕනේ.
ආරක්ෂාව
උපකරණ වල ගුණාත්මකභාවය මනින්න ආරක්ෂාව අත්‍යවශ්‍ය කරුණක්
දැන් අපි මෙහෙම හිතමු අපි අතින් ග්‍රහණය ගිලිහෙනවා කියලා ඉතිං කොහොමද ඒ  වෙලාවට machine එක අපිව ආරක්ෂා කරන්නේ (මේක leg press වගේ දරුණු අනතුරු වෙන machine වලට වැදගත්). අදුනිකයෙකු විදියට gym එකකට යන්න කලින් අනිවාර්යෙන්න්ම ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න. අපි කොච්චර මහන්සි වුනත් මොනවා හරි අනතුරක් උනොත් මහන්සිය වතුරේ.
ඒවාගේම මේවගේ gym වල high protine ,high energy ආහාර වැනි දේවල් අන්තර ගතවෙනවා .ඉතිං ඒ වගේ දේවල් අපි work out එක සම්පුර්ණ  කරද්දී වැදගත් වෙන්න පුළුවන්

ඔයාට අවශ්‍ය සැහැල්ලු , හොදින් හැඩගැන්වී ඇති ශරීරයක් නම්

ඔබ හෝයගන්න ඕනේ විශාල පරාසයක හෘදය ආශ්‍රිත (cardio) සහ ශරීර හැඩ ගැන්වීමේ උපකරණ සහිත ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථනයකි. ඒවගේම බරයෝදා කරන උපකරණ ද අවශ්‍යයි.
උපකරණ සදහා නිදසුන්
  • treadmills
  • stationary bikes
  •  ellipticals
  • stepping machine
  •  stair climbers
  • arm bike

   
තවත් කුඩා උපකරණ
kettle bells
foam roller
bosu balance trainer
medicine balls
fitness balls
   
ඒවගේම කායවර්දන උපකරණ හා බර ඉස්හිලිමේ උපකරණ තිබිය යුතුයි.
barbel හා dumbel ඉහත උපකරණ වර්ගය යටතේ අනිවාර්යයි.
තවද ඉහත ශරීර ආකාරයට කැමැත්තක් දක්වන්නේ නම්
spinning dance
cardio burn
abdominal traning
intensive boot camp ආදී වූ ක්‍රියකාරකම් වලදීය යුතුය.
 ඉහත සියලු ක්‍රියාකාරකම් අනිවාර්ය නැති අතර අපිට ගැලපෙන ක්‍රියාකාරකම් අපි තොර ගත යුතුයි.

තවද ඔබ කාන්තාවක් නම් , එසේත් නොමැතිනම් නවකයෙක් හෝ මැදි දැනුමක් ඇති අයෙකු නම් ෆ්ය්ම් එකක් තොර ගැනීමේ දී එහි උපදේශකගේ පළපුරුද්ද හා සුදුසුකම් පිළිබද සැලකිලිමත් වෙන්න. එතකොට ඔයාගේ ඉලක්කයට යාම පහසු වෙනවා වගේම තව තවත් ආත්ම විශ්වාසය වැඩි කරයි.

ඔබ gym එකට ලියාපදිංචි වීමට පෙර

අපි gym එකක් තෝරාගන්න කලින් තේරුම් ගන්න ඕනේ අනික් කරුණු
1. පිරිසුදු බව
2. පිහිට ඇති ස්ථනය
3. මිල
4. කාර්ය මණ්ඩල හැකියා පළපුරුද්ද
5. සෙසු ක්‍රීඩකයන්ගේ හැසිරීම
6. විවෘතව ඇති කල වෙලාව
7. විශේෂයෙන්ම හදිස්සි අවස්ථාවකදී ඔවුන් ගන්න පියවර (FIRST AID)
අවසාන වශයෙන් ඔවුන්ගෙන් ප්‍රශ්න කිහිපයක් අසන්න
අනතුරු වැලක්වීමට අරගෙන ඇති පියවර
ශරීර වර්දනය නිසි ආකාරයට සිදුවෙනවද යන්න තහවුරු කිරීමට ගෙන ඇති පියවර
මන් මේ ලිපියේදී ආරක්ෂාවට මුල්තැන දුන්නේ කායවර්දන මධ්‍යස්ථානය වලින් සිදුවන මරණිය අනතුරු ඇති ඉඩ ප්‍රශ්තව වැඩි වෙලා තියෙන නිසයි.
ඉතිං මං මේ ලිපියට අවශ්‍ය කරුණු Craig Ramsay ගේ Anatomy of musle building පොතෙන් වගේම අන්තර්ජාලය ඇසුරින් ඡායාරූප ලබාගෙන සම්පාදනය කරලා තියෙන්න
ඔයගොල්ලන් මේ ලිපිය කියවද්දී ඇතිවුණු ප්‍රශ්න comment වලින් හරි mail එකකින් හරි මට දන්වන්න එතකෝට මන් දන්නවනම් උදව් කරනම්. ඒ වගේම ඔයාට පුළුවන් ඔයදන්න දේවල් comment කරලා අනිත් අයටත් කියලා දෙන්න ඒවගේම වැදගත්නම් share කරන්න.
මෙහි ඇති පින්තූර අදෙශක පමණි.
සමහර කරුණු ඉංග්‍රීසි බසින් සදහන් කර ඇත්තේ වැඩි දුර අධ්‍යනයෙ පහසුව සදහා ය.

Post a Comment

2 Comments